• ද සොයිසා ක්රීඩාංගන සහ අනෙකුත් ක්රීඩාංගන වෙන් කිරීම.
- ඉල්ලීම් ලිපියක් නාගරික ගණකාධිකාරී වෙත ලබා දීම.
- මිශ්ර ආදායම් අංශයෙන් ලබා ගත් අදාල අයදුම්පත (මො.ම.න.ස. 43- ගෘහස්ථ ක්රීඩාංගණය, මො.ම.න.ස. 44 -ක්රීඩාංගණය හා ප්රේක්ෂකාගාරය, වෙනත්- මො.ම.න.ස. 36) සම්පූර්ණ කර ක්රීඩාංගන භාරකරුගේ නිර්දේශයද ලබා ගෙන මිශ්ර ආදායම් අංශයට භාරදීම.
- අනුමැතියෙන් පසුව නියමිත ගාස්තු සඳහා අදාල ලදුපත මිශ්ර ආදායම් අංශයෙන් ලබා ගෙන සරප් අංශයට මුදල් ගෙවීම.
• ජනසෙත ශ්රවණාගාරය සහ ප්රඡාශාලා වෙන් කිරීම.
- නාගරික කොමසාරිස් වෙත ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීම.
- මිශ්ර ආදායම් අංශයෙන් ලබා ගත් අයදුම්පත (ප්රඡාශාලා -මො.ම.න.ස. 36, ශ්රවණාගාරය - මො.ම.න.ස. 38) සම්පූර්ණ කර මිශ්ර ආදායම් අංශයට ලබාදීම.
- නාගරික කොමසාරිස් අනුමැතියෙන් පසු නියමිත ගාස්තු සඳහා අදාල ලදු පත මිශ්ර ආදායම් අංශයෙන් ලබා ගෙන සරප් අංශයට මුදල් ගෙවා ලැබෙන ලදුපත මිශ්ර ආදායම් අංශය වෙත යොමු කිරීම.
• සුසාන භූමියේ භූමිදානය හා ආදාහනාගාරය වෙන් කිරීම.
- මරණ සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපත මිශ්ර ආදායම් අංශයට ඉදිරිපත් කිරීම.
- මෘත දේහය ආදාහනය කරනු ලබන්නේ නම් මරණ සහතිකයේ උප්පැන්න, මරණ රෙජිස්ට්රාර් විසින් ආදාහනය සඳහා අවසර දීම සටහන් වී තිබිය යුතුය.
- වෙන් කිරීමට අදාල ගාස්තු ගෙවීම සඳහා මිශ්ර ආදායම් අංශයෙන් ලදුපතක් ලබා ගැනීම නියමිත ගාස්තුව සරප් අංශයට ගෙවීම.
• සුසාන භූමියේ ඇති අළුකුටි වෙන් කිරීම හා පවුල්වලවල් විවෘත කිරීම හා අළුත්වැඩියා කිරීම.
- ඉල්ලීම් ලිපියක් නාගරික ගණකාධිකාරී වෙත ලබාදීම.(සුසාන භූමි භාරකරුගේ නිර්දේශය ලබා ගත යුතුය).
- අදාල ගාස්තු ගෙවීම සඳහා මිශ්ර ආදායම් අංශයෙන් ලදුපතක් ලබා ගැනීම.
- නියමිත ගාස්තුව සරප් අංශයට ගෙවීමෙන් අනතුරුව අදාල අනුමත ලිපිය මිශ්ර ආදායම් අංශයෙන් ලබා ගැනීම.