• බිම් කට්ටි සැලසුම් අනුමත කිරීම.
- කර්මාන්ත අංශයෙන් අයදුම්පත් ලබාගෙන අදාල ගාස්තු සරප් අංශයට ගෙවිය යුතුය.
- අයදුම්පත්‍රය සමඟ ලබාදිය යුතු ලේඛන,
- මුදල් ගෙවූ රිසිට් පත.
- අනුමැතියට ඉදිරිපත් කරන බිම් කට්ටි සැලසුම ඇතුළුව ඡායා පිටපත් 3ක්.
- ඔප්පුවේ පිටපත.
- ජාතික හැඳුනුම්පත් පිටපත.
- අනුමත කළ මුල් බිම්කට්ටි සැලසුම හෝ 1986.03.10 දින නිකුත් කර ඇති නාගරික සංවර්ධන අධිකාරීයේ අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ නීති රෙගුලාසි ප්‍රකාර අනුබෙදුම් විස්තර දක්වන බිම් සැලැස්ම.
- අවශ්‍ය වුවහොත් බාහිර ආයතන වලින් ලබාගත යුතු නිර්දේශයන්.
• ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
- කර්මාන්ත අංශයෙන් අයදුම්පත් ලබාගෙන අදාල ගාස්තු සරප් අංශයට ගෙවිය යුතුය
- අයදුම්පත්‍රය සමඟ ලබාදිය යුතු ලේඛන,
- අනුමැතියට ඉදිරිපත් කරන ගොඩනැගිලි සැලසුම් පිටපත් 3ක්.
- ගොඩනැගිලි අළුත්වැඩියාවක් හෝ වෙනස් කිරීමකදී දැනට පවතින ගොඩනැගිල්ල සඳහා අනුමත සැලැස්මෙහි පිටපතක්.
- ඔප්පුවේ පිටපත.
- ජාතික හැඳුනුම්පත් පිටපත.
- අනුමත කළ බිම් කට්ටි සැලැස්ම.
- අවශ්‍ය වුවහොත් බාහිර ආයතන වලින් ලබාගත යුතු නිර්දේශයන්.
• ගොඩනැගිලි සැලසුම අනුමත කිරීමේදී ගිනි නිවාරණ සහතිකය අවශ්‍ය වූ විට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවෙන් ලබාදීම.
- ගොඩනැගිලි සැලසුම අනුමත කිරීමේදී නාගරික ඉංජිනේරු අංශයන් ගිනි නිවාරණ සහතිකය අවශ්‍ය වූ විට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවෙන් අයදුම්පත (MMC/FIRE/FO/01) ලබා ගෙන සම්පූර්ණ කර භාර දීම.
- අවශ්‍ය ලිපි ලේඛණ,
- ගොඩනැගිලි සැලසුමෙහි පිටපත් 03.
- නියමිත ගාස්තු සරප් අංශයට ගෙවා ලැබෙන ලදුපත ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
• අනුකූලතා සහතික නිකුත් කිරීම.
- නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයෙන් අයදුම්පත් ලබා ගැනීම.
- නියම කරනු ලබන ගාස්තු සරප් අංශයට ගෙවා ලදු පත සැලසුම් අංශයට ඉදිරිපත් කිරීම.
- අනුමත ගොඩනැගිලි සැලසුමේ පිටපතක් (සැලසුම අනුමත වූ දිනයේ සිට වසර 03ක් ඇතුළත ඉල්ලීම් කළ යුතුය) හා ජාතික හැඳුනුම්පත් පිටපතක් ද ඉදිරිපත් කළ යුතුය.
- අවශ්‍ය වුවහොත් බාහිර ආයතන වලින් ලබාගත යුතු නිර්දේශයන්.
• වීථී රේඛා සහතික.
- නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්පත ලබාගැනිම.
- අයදුම්පත සම්පූර්ණ කර සැලසුම් අංශයේ විෂය නිලධාරිට ඉදිරිපත් කිරීම.
- නියම කරනු ලබන ගාස්තු සරප් අංශයට ගෙවා ලදුපත සහ අදාළ ඉඩමේ පිඹුරුපත සැලසුම් අංශයේ විෂය නිලධාරිට ඉදිරිපත් කිරීම.
• ජල සැපයුම සඳහා මාර්ග හානි කිරීමට අනුමැතිය ලබාදීම.
- ජල සම්පාදන මණ්ඩලයේ නිර්දේශිත ලිපිය කර්මාන්ත අංශයේ වැඩ අධිකාරී වෙත යොමු කිරීම.
- එය වැඩ අධිකාරී නිර්දේශය ලබා ගැනීමෙන් පසු අදාල විෂය නිලධාරි වෙත යොමුකිරීම.
- නියම වන අදාළ ගාස්තු සරප් අංශයට ගෙවා රිසිට් පත විෂය නිලධාරි වෙත යොමුකිරීම.