• ඔප්පු සාරාංශයක් මගින් දේපල අයිතිය වෙනස් කිරීම.

- තක්සේරු දැන්වීම වරිපනම් අංශයට ඉදිරිපත් කිරීම.‍
- දේපළෙහි වාර්ෂික වටිනාකම අනුව AT පෝරමය සඳහා නියම කරනු ලැබූ ගාස්තුව සරප් අංශයට ගෙවීම.
- මුදල් ගෙවූ ලදුපත වරිපනම් අංශයට ඉදිරිපත් කර ඔප්පු සාරාංශ පෝරමය (AT), සහ අනෙකුත් පෝරම (මො.ම.න.ස. 25,27) වරිපනම් අංශයෙන් ලබා ගැනීම.
- උපදෙස් පත්‍රිකාව (මො.ම.න.ස. 28) අනුව නීතීඥවරයෙකු මගින් සහතික කර අදාල ලියකියවිලි සමඟ අයදුම්පත් සම්පුර්ණ කර වරිපනම් ‍අංශයට භාරදීම.

• හිමිකම් හා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම.

- වරිපනම් අංශයෙන් අයදුම්පත (මො.ම.න.ස. 33) ලබා ගැනීම.
- ලේඛනගත අයිතිකරු/ අයිතිකරුවන් විසින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත වරිපනම් අංශයට භාර දීම.
- පවතින කාර්තුව දක්වා වරිපනම් බදු ගෙවා තිබිය යුතුය.
- ඉල්ලුම්කරු ලේඛනගත අයිතිකරු නොවන විට නීතීඥයෙකු මගින් ඉල්ලීම ඉදිරිපත් කළයුතුය.
- ඇටර්නි පලය පවරා ඇති අවස්ථාවලදී අදාල ඇටර්නි බලපත්‍රයේ පිටපතක් සහිතව ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය.
- හිමිකම් හා නොපවරා ගැනීමේ සහතිකය සඳහා නියම කරනු ලැබූ ගාස්තුව ගෙවීම සඳහා ලදුපතක් වරිපනම් අංශයෙන් ලබාගෙන සරප් අංශය වෙත ගෙවීම් කර ලබාගත් ලදුපත වරිපනම් අංශය වෙත ඉදිරිපත් කිරීම.

• දේපල වල නව අංක ලබා ගැනීම හා සං‍ශෝධනය කිරීම.

- ලේඛනගත අයිතිකරු/ අයිතිකරුවන් විසින් ලිඛිත ඉල්ලීමක් ගණකාධිකාරී (ආදායම්) වෙත ඉදිරිපත් කිරීම.
- අවශ්‍යතාවය අනුව පිඹුරුපත, ගොඩනැගිලි සැලසුම, අනුකූලතා සහතිකය සහ තක්සේරු අංශයෙන් ලබා ගත් V1,V2 පෝරම නිවැරදිව සම්පූර්ණ කර තක්සේරු අංශයට ඉදිරිපත් කිරීම.
- වරිපනම් බදු ගෙවන්නන් විසින් සිදුකරන සියළුම ඉල්ලීම්වලට ඉහත කරුණ සම්පූර්ණ කිරීම අවශ්‍ය නොවේ.

• පැරණි වරිපනම් අංකය හා නව වරිපනම් අංකය එකම අංකයක් බව සනාථ කිරීම.

- ලේඛනගත අයිතිකරු‍ගේ ඉල්ලීම් ලිපිය වරිපනම් අංශයේ ප්‍රධාන කළමණාකරන සහකාර වෙත භාර දීම.
- පවතින කාර්තුව දක්වා වරිපනම් බදු ගෙවා තිබීම අවශ්‍ය වේ.
- 1986 වර්ෂයේ සිට ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සනාථ වන්නේ නම් පමණක් අදාල ලිපිය නිකුත් කරනු ලැබේ.