• පා පැදි, වෙළඳ කරත්ත,වෙළඳ පාපැදි බලපත්‍ර නිකුත් කිරීම.

- බලපත්‍රය ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමට ලදුපතක් මිශ්‍ර ආදායම් අංශයෙන් ලබා ගැනීම. (වාහන අංකය ඉදිරිපත් කළ යුතුය).
- සරප් අංශයට මුදල් ගෙවා ලබා ගත් ලදු පත මිශ්‍ර ආදායම් අංශයට ඉදිරිපත් කර බලපත්‍රය ලබා ගැනීම.

• ත්‍රීරෝද රථ ගාල් ගාස්තු අය කිරීම.

- ඉල්ලීම් ලිපියක් මිශ්‍ර ආදායම් අංශයට ලබාදීම.
- එම ස්ථානය ලබා දීම සුදුසු බව නිර්දේශ වුවහොත් මුදල් ගෙවීම සඳහා මිශ්‍ර ආදායම් අංශයෙන් ලදු පතක් ලබා ගැනීම (ඒ සඳහා වාහන ආදායම් බලපත්‍රයේ සහ රියැදුරු බලපත්‍රයේ පිටපත් ලබා දිය යුතුය).
- නියම කරනු ලබන අදාල ගාස්තු සරප් අංශයට ගෙවිය යුතුය.