• ව්‍යාපාර බලපත්‍ර නිකුත් කිරීම.

- ව්‍යාපාර බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන අයදුම්පත්‍රය ආදායම් පරීක්ෂක අංශයෙන් ලබා ගැනීම.
- ආදායම් පරීක්ෂක අංශයෙන් ලබා දෙන ගිනි නිවාරණ සහතික අයදුම්පත ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර සහතික කර ගැනීම(ක්ෂේත්‍ර පරීක්ෂාව අවශ්‍ය විටෙක එම ස්ථාන පරීක්ෂාවෙන් පසුව සහතිකය නිකුත් කරනු ලැබෙයි.)
- වාණිජ ස්ථානයක් ලෙස තක්සේරු වී ඇති තක්සේරු දැන්වීම, ගිනි නිවාරණ සහතිකය සමඟ සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ආදායම් පරීක්ෂක අංශයට ඉදිරිපත් කිරීම (මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශය සඳහා යොමු කරනු ඇත.)

• වෙළඳ බලපත්‍ර සඳහා ගිනි නිවාරණ සහතික ලබාදීම.

- ආදායම් පරීක්ෂක අංශයෙන් ලබාදෙන අයදුම් පත්‍රය නිසි ලෙස පුරවා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට ලබාදීම.
- අයදුම්පත සමඟ ලබාදිය යුතු ලේඛණ,
 - අනුමත ගොඩනැගිලි සැලසුම
 - ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
 - මහා නගර සභා වරිපනම් බදු ගෙවීම් ලදුපත
- අදාළ ස්ථාන පරීක්ෂා කිරීමේදී පොදු කොන්දේසි සපුරා තිබිය යුතුයි.

• ව්‍යාපාර බදු අය කර ගැනීම.

- ආදායම් පරීක්ෂක අංශයෙන් ව්‍යාපාර බදු අයදුම්පත්‍රය, ගිනි නිවාරණ සහතික අයදුම්පත ලබා ගැනීම.
- ගිනි නිවාරණ සහතික අයදුම්පත ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර අදාල ගාස්තු ගෙවා සහතික කර ගැනීම (ක්ෂේත්‍ර පරීක්ෂාව අවශ්‍ය විටෙක එම ස්ථාන පරීක්ෂාවෙන් පසුව සහතිකය නිකුත් කරනු ලැබෙයි.)
- ව්‍යාපාර බදු අයදුම්පත්‍රය සමඟ ගිනි නිවාරණ සහතිකය හා වාණිජ ලෙස තක්සේරු වී ඇති තක්සේරු දැන්වීම ආදායම් පරීක්ෂක අංශයට ඉදිරිපත් කිරීම.
- මිශ්‍ර ආදායම් අංශයට පැමිණ නියමිත ගාස්තු සඳහා අදාල ලදුපත ලබා ගෙන සරප් අංශයට ගෙවීම.

• නව පරිසර බලපත්‍ර ලබාදීම.

- සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිසර විෂය නිලධාරී හමුවී අදාළ ගාස්තු සරප් අංශයට ගෙවා අයදුම්පතක් (මො.ම.න.ස. 44) ලබාගැනීම.
- අයදුම්පත්‍රය සමඟ ලබාදිය යුතු ලේඛන පරිසර විෂය නිලධාරී වෙත ලබා දිය යුතුය.
 - අදාළ වර්ෂයට අයත් වෙළඳ බලපත්‍රයේ පිටපතක්.
 - ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්.
 - ව්‍යාපාරය පිහිටි ඉඩමේ සැලැස්ම හා ගොඩනැගිලි සැලැස්මේ පිටපතක්.
 - ජල විදුලි බිල්පත් වල පිටපතක්.
- පරිසර විෂය නිලධාරී‍ ‍සඳහන් කරනු ලබන ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු සරප් අංශයට ගෙවා ලදුපතක් ලබා ගැනීම හා එහි පිටපතක් පරිසර විෂය නිලධාරී‍ වෙත යොමු කිරීම.
- පරිසර ආරක්ෂණ කමිටුවේ අනුමැතියෙන් පසුව පරිසර බලපත්‍ර ගාස්තු ගෙවීම් ලදුපත විෂය නිලධාරිගෙන් ලබා ගෙන සරප් අංශයට ගෙවා එම ලදුපත විෂය නිලධාරියාට ලබා ‍දීම.
- අවශ්‍ය වූ විට බාහිර ආයතනවලින් ලබාගත යුතු නිර්දේශ.

• පරිසර බලපත්‍ර අළුත් කිරීම.

- සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිසර විෂය නිලධාරී හමුවී අදාළ ගාස්තු සරප් අංශයට ගෙවා පරිසර බලපත්‍ර අළුත් කිරීමේ අයදුම්පතක් ලබාගැනීම.
- අයදුම්පත්‍රය සමඟ ලබා දිය යුතු ලේඛන,
 - අදාළ වර්ෂයට අයත් වෙ‍ළෙඳ බලපත්‍රයේ පිටපතක‍්.
 - ජල විදුලි බිල්පත් වල පිටපතක්.
- පරිසර බලපත්‍රය කල් ඉකුත් වී ඇත්නම් පමණක් පරිසර විෂය නිලධාරී‍ ‍සඳහන් කරනු ලබන ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු සරප් අංශයට ගෙවා ලදුපතක් ලබා ගැනීම හා එහි පිටපතක් පරිසර විෂය නිලධාරී‍ වෙත යොමු කිරීම.
- අවශ්‍ය වූ විට බාහිර ආයතනවලින් ලබා ගත යුතු නිර්දේශ.
- අදාල බලපත්‍රය ලබා ගැනිම සඳහා සරප් අංශයට මුදල් ගෙවා ලබා ගත් ලදුපත මිශ්‍ර ආදායම් අංශයට ඉදිරිපත් කළ යුතුය.

• ආහාර බලපත්‍ර.

- සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අදාල විෂය නිලධාරී හමුවී අදාළ ගාස්තු සරප් අංශයට ගෙවා ලදුපත ඉදිරිපත් කර ආහාර බලපත්‍ර සදහා අයදුම්පතක් (මො.ම.න.ස. 56) ලබාගැනීම.
- නිසිලෙස සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය භාරදීම.

• සභාව සතු දේපල බදු දීම.

- ප්‍රසම්පාදන දැනුම්දීමෙන් පසු ලංසු ලියවිලි ඉදිරිපත් කිරීම.
- ප්‍රසම්පාදන තීරණ දැනුම්දීමෙන් පසු අදාල මුදල් ගෙවීම.

• මස්කඩ සඳහා බලපත්‍ර නිකුත් කිරීම.

- මොරටුව මහා නගර සභා පශු වෛද්‍ය කාර්යාලයෙන් අයදුම්පත ලබා ගෙන සම්පූර්ණ කර පශු වෛද්‍යවරයාට භාරදීම.
- පශු වෛද්‍යවරයාගේ නිරීක්ෂණය හා බලපත්‍රය සඳහා අදාල ගාස්තු නියම කිරීම කිරීමෙන් පසුව මිශ්‍ර ආදායම් අංශය වෙත යොමු කිරීම.
- අයදුම්පත් ගැසට් පත්‍රයේ පළවන තෙක් තාවකාලික බලපත්‍රයක් ලබා ගැනීම සඳහා නියම කරනු ලබන ගාස්තු සහිත ලදුපත මිශ්‍ර ආදායම් අංශයෙන් ලබා ගෙන සරප් අංශයට මුදල් ගෙවීම.
- මුදල් ගෙවා ලබා ගත් ලදුපත මිශ්‍ර ආදායම් අංශයට යොමුකර තාවකාලික බලපත්‍රය ලබා ගැනීම (තාවකාලික බලපත්‍රයක් වලංගු වනුයේ දින 14ක් පමණි).
- ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු විරෝධතාවයක් ඉදිරිපත් නොවුනහොත් අදාළ වර්ෂයට අදාලව මස් වෙළදාම් කිරීමේ විශේෂ බලපත්‍රය ලබා ගත හැකිය.
- ඒ සඳහා පශු වෛද්‍ය විසින් පෙර නියම කරනු ලැබූ ගාස්තු ගෙවීම සඳහා ලදුපතක් මිශ්‍ර ආදායම් අංශයෙන් ලබාගැනීම.
- සරප් අංශයට මුදල් ගෙවා ලබා ගත් ලදු පත මිශ්‍ර ආදායම් අංශයට ඉදිරිපත් කර මස් වෙළදාම් කිරීමේ විශේෂ බලපත්‍රය ලබා ගැනීම.

• මස් විකිණීම සඳහා දිනපතා බලපත්‍රය ලබාදීම.

‍-‍ ‍මහා නගර සභාව විසින් අනුමත ඝෝතකාගාරයෙන් ලබාදෙන සහතිකය සහ අදාල මාංශ කටුබැද්ද පශු වෛද්‍ය කාර්යාලයට ඉදිරිපත් කිරීම.
- පරිභෝජනයට සුදුසු බවට පශු වෛද්‍ය නිර්දේශය මත මාංශ මුද්‍රා තැබීම කරනු ලැබේ.
- අදාළ ගාස්තු ගෙවීම.
- මස් විකිණීම සඳහා විශේෂ බලපත්‍රය ලබාගෙන සිටීම.

• දැන්වීම් පුවරු හා බැනර් සඳහා ගාස්තු අය කිරීම.

- දැන්වීම් පුවරු සවිකිරීම සඳහා කර්මාන්ත අංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ප්‍රදර්ශනය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම.
- ඉල්ලීම් ලිපියක් මිශ්‍ර ආදායම් අංශයට ලබාදී අදාල අයදුම්පත ලබා ගැනීම.
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත මිශ්‍ර ආදායම් අංශයට ලබාදීම.
- සුදුසු බව අනුමත වීමෙන් පසුව නියම කරනු ලබන ගාස්තුව සහිත ලදු පත මිශ්‍ර ආදායම් අංශයෙන් ලබා ගෙන සරප් අංශයට ගෙවීම.
- බැනර් ප්‍රදර්ශනය කිරීමට පෙර ඒ සඳහා අංක යොදාගැනීමට නගර සභාවේ මිශ්‍ර ආදායම් අංශය වෙත යොමුකිරීම.

• ප්‍රවර්ධන වැඩසටහන් සඳහා අනුමැතිය ලබාගැනීම.

- ඉල්ලීම් ලිපියක් නාගරික ගණකාධිකාරී වෙත ලබාදීම
- නියමිත ගාස්තු සඳහා අදාල ලදු පත මිශ්‍ර ආදායම් අංශයෙන් ලබා ගෙන සරප් අංශයට මුදල් ගෙවා ලදුපතක් ලබා ගැනීම.