• පුස්තකාල සාමාජිකත්වය ලබාගැනීම හා අළුත් කිරීම.
- අදාළ ගාස්තු පුස්තකාලයට ගෙවා සාමාජික ඉල්ලුම් පත්‍රය/සාමාජිකත්වය අළුත් කිරීමේ ඉල්ලුම් පත්‍රය ලබාගැනීම.
- නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර අදාල ගාස්තු ගෙවා පුස්තකාලයට බාරදීම.
- අදාළ ගාස්තු පුස්තකාලයට ගෙවා අධ්‍යයන සාමාජික පත්‍රය හා විමර්ශන සාමාජික පත්‍රය ලබාගැනීම.
• පරිගණක පුහුණු පැවැත්වීම (වැඩිහිටි හා ළමා).
- පුස්තකාලයෙන් අයඳුම්පත්‍රය ලබාගැනීම.
- නිසිලෙස සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය මොරටුව මහා නගර සභා මිශ්‍ර ආදායම් අංශය වෙත බාරදීම.
- අදාළ ගාස්තු සඳහා ලදුපත මිශ්‍ර ආදායම් අංශයෙන් ලබා ගෙන සරප් අංශයට මුදල් ගෙවීම.
- Ms Office - 2700+VAT
- Kids - 2000+VAT
- Graphic Designing - 7000+VAT
- අදාළ ලදුපත සමඟ පුස්තකාල පරිගණක අංශය වෙත පැමිණ ලියාපදිංචි වීම.
• පෙර පාසලට ළමුන් ඇතුළත් කරගැනීම.
- අදාල පෙර පාසලෙන් ලබා ගත් පෙර පාසලට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සම්පූර්ණ කර උප්පැන්න සහතික සමඟ ඉදිරිපත් කළ යුතුය.
- දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන ඉදිරිපත් කල යුතුය.
- මව/පියාගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් ඉදිරිපත් කල යුතුය.
• සොයිසාපුර දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ළමුන් ඇතුළත් කිරීම.
- සොයිසාපුර දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් ලබා ගන්නා ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සම්පූර්ණ කිරීම.
- සොයිසාපුර දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ළමුන් ඇතුළත් කිරීමේ කොන්දේසි වලට එකඟ විය යුතුය.
- නියමිත ගාස්තු මොරටුව මහා නගර සභාවේ සරප් අංශයට ගෙවා රිසිට්පතක් ලබා ගෙන සොයිසාපුර දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඉදිරිපත් කිරීම.