• ගලි රථ සේවා ලබාදීම.
- නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අදාල විෂය නිලධාරී හමුවී අයඳුම්පතක් ලබාගැනීම.
- නිසිලෙස සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය අදාල විෂය නිලධාරීට භාරදීම හා සරප් අංශයට ගාස්තු ගෙවා ලබා ගත් ලදු පත අදාල විෂය නිලධාරීට ඉදිරිපත් කිරීම
• මුදල් ගෙවා කසල ඉවත් කිරීම.
- නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අදාල විෂය නිලධාරී හමුවී අයඳුම්පතක් ලබාගැනීම.
- නිසිලෙස සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය විෂය නිලධාරීට භාර දීම.
- නියම කරන ලද ලෝඩ් ගණන අනුව අදාළ ගාස්තු සරප් අංශයට ගෙවා ලබා ගත් ලදු පත අදාල විෂය නිලධාරීට ඉදිරිපත් කිරීම.
• වීථී පහන් නඩත්තු සේවාව.
- මහජනතාව මහා නගර සභාව වෙත පැමිණ හෝ දුරකථනය මඟින් විදුලි දෙපාර්තමේන්තුවට දැනුම් දීම.
- නඩත්තු බල ප්‍රදේශය අනුව අදාළ නඩත්තු හා අලුත්වැඩියාව ඉටු කර දෙනු ලැබේ.
• ගිනි නිවීම් හා ජීවිත බේරාගැනීම (බල ප්‍රදේශය තුළ).
- බල ප්‍රදේශය තුළ ගිනි ගන්නා ස්ථානය පිළිබඳ වෙත දැනුම් දීම.
- දුරකථනය මඟින් -ගිනි නිවීම් සේවා හදිසි ඇමතුම් අංක 0112645454/ මූලස්ථානයට පැමිණ හෝ පොලිසිය මඟින්ද දැනුවත් කළ හැකිය (බල ප්‍රදේශය තුළ සේවා සඳහා ගාස්තු අය කරනු නොලැබේ).
• ගිලන් රථ සේවා ලබාදීම.
- නාගරික කොමසාරිස් වෙත ලිපියක් මඟින් දැනුම්දීම
- අනුමැතියෙන් පසු නියමිත ගාස්තු ගෙවා ලදු පත ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
- සේවකයෙකුට හා බල ප්‍රදේශ තුළ පිහිටි ආගමික ස්ථාන,පාසල්,රෝහල්,සුභ සාධන ආයතන වෙනුවෙන් ඉන්ධන සඳහා වැයවන මුදල පමණක් අය කරනු ලැබේ. හදිසි අවස්ථා සඳහා මුදල් අය කරනු නොලැබේ.
• අනතුරුදායක ගස් ඉවත් කිරීම.
- නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත ලබාගැනිම.
- අයදුම්පත සම්පූර්ණ කර ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විෂය නිලධාරිට ඉදිරිපත් කිරීම.
- නියම කරනු ලබන ගාස්තු සරප් අංශයට ගෙවා ලදුපත සමඟ පැමිණිලි ලිපිය (අදාල ස්ථානයට පැමිණෙන ආකාරය දළ සැකැස්මක් සමඟ) නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විෂය නිලධාරිට ඉදිරිපත් කිරීම.
• ජලභීතිකා එන්නත් ලබාදීම.
- පශු වෛද්‍ය කාර්යාලයෙන් වේලාවක් වෙන් කර ගැනීම (දු.ක.අං. 011 2655299).
- අදාළ සතුන් කටුබැද්ද පශු වෛද්‍ය කාර්යාලය වෙත එන්නත් පිළිබඳ වාර්තා සමඟ ඉදිරිපත් කිරීම.
- අදාළ ගාස්තු ගෙවීම.
• සත්ව වන්ද්‍යකරණය.
- පශු වෛද්‍ය කාර්යාලයෙන් වේලාවක් වෙන් කර ගැනීම (දු.ක.අං. 011 2655299).
- කටුබැද්ද පශු වෛද්‍ය කාර්යාලය වෙත සතුන් රැගෙන ඒම.
- අදාළ ගාස්තු ගෙවීම.